Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීලග Android මෙහෙයුම් පද්ධතියේ සංස්කරනය Android 5.0 පසුගිය දිනක නිල වශයෙන්එලිදැක්වුණාය. මෙම මෙහෙයුම් පද්ධතිය Google සමාගමට අයත් Google Play Edition ජංගම දුරකථන වලට හදුන්වා දිමට ඔවුන් සුදානම්ය.
මෙම නව මෙහෙයුම් පද්ධතියේ තිබෙන කැපි පෙනෙන වෙනස වනුයේ Material Desing නමින් හදුන්වන අලුත්ම මුහුණුවරයි. අලුත් ඇනිමේෂන් හා වඩා පැහැදිලි මෙම නව මුහුනත සමග Multitasking මෙනුව අලුත්ම මුහුනුවරක් ගෙන ඇත.
අලුත් දෘශ්‍ය මුහුණතට අමතරව අලුතින් APls 5000 කට වැඩි ප්‍රමාණයක් හදුන්වා දි ඇති අතර විවිධ ප්‍රමාණවලින් යුත් devices සදහා App සැදිමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. එහි ඇති අලුත්ම Notification පහසුකම මගින් ඔබට ලැබෙන Notification සීමා කිරිමටද හැක.
මේ සියල්ලටම වඩා ලංකාවේ අපිට ඇති ලොකුම වාසිය තමා Android Lollipop මෙහෙයුම් පද්දතියට සිංහල භාෂාව ඇතුලත් කර තිබිමයි. මෙමගින් මෙම මෙහෙයුම් පද්දතිය සහිත ජංගම දුරකතනවල සිංහල හොදින් දර්ශනය වේ.
මේ ගැන ඔයාලාගේ යාලුවන්ටත් දැනගන්න
පහතින් Share කරන්න.
0 comments:
Post a Comment